පුරවැසි කොලම

බෙදා වෙන් කර පාලනය කිරිම(divide and rule) යටත් විජිත උපාය මාර්ගය කරගත් පාර්ලිමේන්තු ගැලරියේ සිටි සුදු මහත්ම මහත්මීන් 1815 මාර්තු 02 වෙනිදාටත් වඩා මේ දින කිහිපයේ සතුටට පත්ව සිටිය යුතුය. පක්ෂ දේශපාලනයෙන් අන්ධ වූ ඔබ බොහො දෙනාට මේ බලු පොරයෙන් රටට වන විපත ගැන හැගිමක් නැත.

ප්‍රසන්න රණවීරගේ වතුර හැලීම පෙනෙන අයට තෙවරප්පෙරුමගෙ පිහිය නොපෙනෙයි. පිහිය පෙනෙන බයියන්ට දිලුම් අමුණුගමගේ අතට වුණ දේ නොපෙනෙයි. සරම උස්සගත් චන්ඩි නෝන්ඩි වුවද ටයි කෝට් දාපු මහත්වරු කොල පුරවලා හොරකම් කරති. ටොයියන් සහ බයියන් කැහැපොට ගා ගෙන මරා ගනිද්දි විජිත හේරත් ලා අනුර දිසානායකලා ස්ථාවර නියෝග අමු අමුවේ මරාකමින් ස්මර්ට් පාර්ලිමෙන්ටෙරියන්ස්ලා වශයෙන් රඟති. වයිට් කොලර් රොබර්ස් ලා ඔවුන් හැර සියල්ල ෆුල් චාටර් බව පෙන්වා දෙති.

ව්‍යවස්ථාවට අනුව ශ්‍රිලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු විට අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙන විටෙක පාර්ලිමේන්තුව විසුරුවා හැර නැත්නම් අගමැතිධුරය හිස් වන්නේය. හිස් වු අගමැති ධුරයට තමන්ගේ මතය අනුව බහුතරයේ විශ්වාසය ඇති කෙනෙක් පත් කිරිමට ජනාධිපතිට අභිමතය ඇත.

රනිල් අගමැතිධුරයෙන් ඉවත් කිරිමත් මහින්ද පත් කිරිමත් වැරදි බව දැන් ඔබේ පක්ෂයේ කණ්නාඩියෙන් ඔබ අපට කියනු ඇත. ජනාධිපතිගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඔබේ පක්ෂය අගමැති ඉවත් කිරිමට එරෙහිව උසාවි නොගියේ ඇයි දැයි අසන්න.

දැන් එළැඹි ඇත්තේ බාහුබලයේ ශක්තිය විදහා පාන යුගයයි. බලයෙන් පහවු රනිල් අරලියගහ මන්දිරය බලෙන් අල්ලාගෙන සිටියී. කතානායක පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කරමින් යකා නටයි. ගේමට ගේම ඉල්ලමින් මහින්ද කණ්ඩායම පාර්ලිමේන්තුවට ඇණ තබාගෙන සිටියි.

1978 ව්‍යවස්ථාවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බලතල බේදිමක් කර ඇත්තේ සංවරණය හා තුලනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන ස්ථාවරත්වය සමබරව පවත්වාගෙන යෑමටයි. අගමැතිවරයා පත් කිරිම, ඉවත් කිරිම මෙන්ම පාර්ලිමෙන්තුව වාර අවසාන කිරිම හා විසුරුවා හැරිමේ බලය ජනාධිපතිධුරයේ අභිමතයට යටත් කර ඇත්තේ ආණ්ඩුවේ ස්ථාවරත්වය වෙනුවෙනි. නයි මුගටි කැත්තට පොල්ල වැනි ජනාධිපති අගමැති සම්භන්ධයකින් රට වියවුල් සහිත අරාජිකත්වකට යන ඉදිරි ගමනක් නැති දෙපැත්තකට අදින බලුපුට්ටුවකට වඩා දෙයක් නොවේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුත් ජනවරමකට මහමැතිවරණයකට ඉඩ සැලසීම ඇති හොඳම විකල්පයයි.

මහින්ද අන්තර්කාලීන රජයක් හැදුවේ මැතිවරණයකට යෑමට නම් , ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් දෙකම එකට තියන්න රනිල් අභියෝග කරනවා නම් පාර්ලිමේන්තුව විසුරවන්න අනුර කුමාර සහයෝගය දෙනවා නම් මහජනතාවට පේන්න සියලු පාර්ශවයන් පාර්ලිමේන්තුවේ මරා ගන්නේ කුමන අවශ්‍යතාවකටද? කවුරුන් හෝ පාර්ලීමේන්තුව විසුරුවා හැරිමට යෝජනාවක් ගෙන ඒමෙන් රටට සෙතක් සිදුවේ.

සියලු දේශපාලුවන් උන්ගේ පක්ෂයේ න්‍යාය පත්‍රයට මිස රටේ සුබසෙතට ප්‍රමුකතාවක් නොදෙන බව මේ වනවිටත් ප්‍රත්‍යක්ෂ කර ඇත.

මහින්දට විරුද්ධ 122 ක් සිටියද රනිල් ට පක්ෂ 113 ක් සිටින බවට කිසිදු තහවුරුවක් නැත. ජනාධිපතිගේ අභිමතය ක්‍රියාත්මක කිරිමේදි පත්කළ යුත්තේ කවුරුදැයි කීමට තරම් ඇඟවීමක් පාර්ලිමේන්තුව තුලින් පැන නැගි නැත.

මහින්ද අගමැති කිරිමට වඩා ජාතික ව්‍යාපාරය වශයෙන් අපට වැදගත් වන්නේ රනිල් ඉවත් කිරිමයි. පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් වත් නොලැබු රනිල්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අවසන් අදියරට පැමිණ තිබුණි. ෆෙඩරල් ව්‍යවස්ථා කෙටුම්පත කැබිනෙට්ටුවට පැම්ණ පාර්ලිමේන්තුවට එන්නට තිබුනේ එක පියවරක් පමණි. 2015 ජනවාරි දේදුනු විප්ලවයේ පසුපස සිටි බටහිර බලවතුන් ඉන්දියාව හා දෙමළ බෙදුම්වාදි ඩයස්පෝරාවේ ඒජන්තයා රනිල් ය. රනිල් ඔහුගේ යුඇන්පි සාමාජිකයන්ටවත් විකුණා ගත නොහැකි කල් ඉකුත් වු භාණ්ඩයකි. සිරිසේනව ආනයනය කලේ brand name එක වෙනස් කොට පෙන්වීමටය.

ඔබ කිසිවකු පාලනයේ අයිතිකරුවෝ නොව භාරකරුවා පමණක් බව සිහිකරමින් අයිතිකරුවාට වගකීම පවරන්න.

විසඳුම පාර්ලීමෙන්තුවේම යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යෑම පමණි.

නීතිඥ නුවන් බැල්ලන්තුඩාව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More