පාර්ලිමේන්තු සංකීර්ණය තුළට කිසියම් සංවිධානාත්මක කල්ලියක් ඇතුළත් වී ඇති බවත් ඔවුන් පාර්ලිමේන්තු උඩු මහලේ සිට පාර්ලිමේන්තු සැසිවාරය කඩාකප්පල් කිරීමට තැත් කළ බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
ඔවුන් සතුව පාර්ලිමේන්තුවේ හැදුනුම්පත් නොතිබූ බවත් ගැටුම සිදු වූ අවස්ථාවෙ ඉහල සිට යම් යම් දෑ වලින් සභාවට දමා ගැසූ බවත් හෙතෙම පැවසීය.
ආණ්ඩු පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු අවසර පත්‍ර ලබා නොගත් අතර මෙම පිරිස එක්සත් ජාතික පක්‍ෂය විසින් කැදවන ලද මැරවරයන් බවත් අමාත්‍යවරයා චෝදනා කළේය.
කතානායකවරයා අද නීති විරෝධීය රීති විරෝධීව ස්ථාවර නියෝග නොතකා කටයුතු කල නිසා අද මෙම තත්වය ඇති වූ බවත් කතානායකවරයා එසේ කටයුතු කරන තාක් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයිද පෙන්වා දුන්නේය.
එම වීඩියෝව පහතින්,
පාර්ලිමේන්තු ගැලරියේ සිට සැසිවාරය කඩාකප්පල් කළේ එජාපයේ මැර පිරිසක් – සුසිල්
පාර්ලිමේන්තු ගැලරියේ සිට සැසිවාරය කඩාකප්පල් කළේ එජාපයේ මැර පිරිසක් – සුසිල්https://youtu.be/xvYnRRMz_gs
Gepostet von ඒෂියන් මිරර් – Asian Mirror am Freitag, 16. November 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...