පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විඡේනායක සහ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී පී. බී, කුමාර යන මහත්වරුන් ඊයේ (11 වැනිදා) සවස ශ්‍රීලනිප මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්‌වූ අයුරු. ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක සහ එම පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විඡේනායක යන මහත්වරුද උතුරු මැද පළාත් සභා ජානිපෙ මන්ත්‍රී පී. බී. කුමාර මහතා ද ඊයේ (11 දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ ඔවුහු ජනාධිපතිවරයා අතින් ශ්‍රීලනිප සාමාජිකත්වය ලද අතර ඊයේ සවස ඊට හේතු පැහැදිලි කරමින් කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්‌ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වූහ.
ජනාධිපතිවරයා රට ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් මෙලෙස ඔවුන් තිදෙනා ශ්‍රීලනිපය සමග එක් වූ බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රීලනිපයට සහය දෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...