පාර්ලිමේන්තුව අද පස්වරු 1.30ට යළි රුස්වීමට තීරණය කර තිබුණද මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ තුළ තිබෙන විරෝධතාවය හේතුවෙන් තවමත් පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීමට නොහැකිව තිබේ.
පාර්ලිමෙන්තුව ආරම්භ කළ බවට දැණුම් දෙන සීනුව නාද කළද තවමත් නිල වශයෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කර නොමැති බව වාර්තා වෙයි
මේ වන විට කථානයක අසුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුන්දික ප්‍රනාන්දු මහතා අසුන් ගෙන ඇති ආකාරය අපට දක්නට ලැබුණි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින්නේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව තුළට පිහි රැගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා රංජන් රාමනායක යන මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.
කථානායකවරයාට මෙම සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මෙලෙස විරෝධතාවයේ නියලෙයි.
මේ අතර ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතා පුරවරු ප්‍රදර්ශනය කරමින් හා සිද්ධියට විරුද්ධව සටන් ප්‍රකාශ සිදුකරමින් මන්ත්‍රීරුන් සභා ගර්භය තුළ රැදී සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...