අද (16) පස්වරු 1.30ට ආරම්භ වන පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදීම කථානායකවරයා හට අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂව පිළිගැනීමට සිදුවන බව වාර්තා වේ. ඒ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ජනාධිපතිවරයා විසින් යම් පත් වීම් සිදු කර ඇත්නම් එම තීන්දු පාර්ලිමේන්තුවට දැනුම් දීම අනුවය.
ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ එවැනි පිළිගැනීමක් සිදු නොවු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂව පිළිගැනීමක් සිදු නොවිය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ස්ථාවර නියෝග යටතේ ජනාධිපතිවරයා විසින් පත් කළ නව අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමක් සිදු විය යුුතු වේ.
පසුගිය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂනායක වශයෙන් පාර්ලිමේන්තුවේ පිළිගැනීමක් සිදු කළ යුතුවේ. පසුව පාර්ලිමේන්තුවට යොමු කළ විශ්වාසභංග යෝජනාව පිළිගන්නේද නැද්ද, එය විවාද කරන්නේ ද නැද්ද, එයින් පසු ඡන්දයක් පවත්වන්නෙ ද නැද්ද යන්න සාකච්ඡා කළ යුතුවේ.
නමුත් ඊයේ දිනයේදී එවැනි පිළිවෙතක් සිදු නොවු බව රජයේ ආරංචි මාර්ග කියා සිටියේය. කථානායකවරයා විසින් එවැනි පිළිවෙතක් අනුගමනය නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේදී ගැටුමක් දක්වා දුර දිග යෑමට සිදු වු බව පාර්ලිමේන්තුවේ තොරතුරු වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් අද දිනයේදී මහින්ද රාජපක්ෂව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පිළිගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කථානායකවරයාට වෙත දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...