කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද(16) පෙරවරුවේ පැවැත්විමට නියමිතව තිබේ.
පෙරවරු 11.30ට එම රැස්විම පැවැත්විමට නියමිත බව කථානායක කාර්යාලය පැවසීය.
මන්ත්‍රීවරුන් අතර හටගත් නොසන්සුකාරි තත්ත්වයක් හේතුවෙන් ඊයේ (15) පාර්ලිමේන්තුව කල්දැමුණු අතර පසුව පැවැති පක්ෂ නායක රැස්විමෙන් අනතුරුව යළි අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබුණි.
ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා මෙම පක්ෂ නායක රැස්විම කැඳවා ඇති බව කථානායක කාර්යාලය සඳහන් කළේය.
එමෙන්ම විශ්වාසභංග යෝජනාව යළි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් එම රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ අද දවසේ න්‍යය පත‍්‍රය අනුව එහි කිසි තැනෙක විශ්වාස භංගයක් හෝ ඒ සදහා ඡන්ද විමසීමක් නැත.
විශ්වාස භංගයක් ‘විධිමත්’ ලෙස ගෙන එන්නේ නම් ස්ථාවර නියෝග මත පිහිටා එය කල යුතු අතර ඒ සදහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කළ යුතුය.
මෙම න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්ම කිරීමට නව අගමැතිවරයා හා ආණ්ඩුව පිළිගැනීමට කතානායකවරයාට සිදු වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...