‘ගජ’ සුළි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලු පාසල්වලට අද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පවසයි.
සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුර සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
යාපනය අර්ධද්වීපය හරහා විටින් විට පැයට කිලෝ මීටර් 100ක් දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වන වෙරලාසන්න පහත් බිම් ප්‍රදේශවල මුහුදු රළගොඩබිමට පැමිණිමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.
නිරිත දිග බෙංගාලබොක්කේ පවතින “ගජ චණ්ඩ” සුළිකුණාටුව මේවනවිට තමිල්නාඩු සහ පුඩුචෙරි වෙරළ තීරයට ගමන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...