දේශීය පුවත්

නීතියේ විධිවිධානත් රටේ ස්ථාවරත්වයත් අනුව බැලූවිට රටට සුදුසුම පියවර මැතිවරණයක් බව හිටපු අගවිනිසුරු සරත් එන්.ද සිල්වා මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් කිරීම රටේ පැවැත්මට ගනු ලැබූ තාවකාළික පියවරක් මිස ස්ථිර පියවරක් නොවන බවත් සුදුසුම පියවර මැතිවරණයක් බවත් ඒ මහතා කීය.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ අඥ්ඥාව අවලංගුයි හෝ නීත්‍යානුකූල නොවේයැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දී නොමැතියැයිද සිදු කැර ඇත්තේ එය තාවකාලික කාලයකට අත්හිටුවීමක්යැයි ද හිටපු අගවිනිසුරුවරයා පැවසීය.

මේ මොහොතේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මකවීම සඳහා ශේෂ්ඨාධිකරණයෙන් අමතර නියෝගයක් ලබා ගත යුතුව තිබූ බව ද එවැනි නියෝගයක් ලබා දී නැතියි ද ඒ මහතා කීය.

පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුුතුය යන බලය ඇත්තේ ජනාධිපතිවරයාට බව ද මෙයට පෙර සැසි වාරය අවසන් කිරීමේ නියෝගය අභිබවා විසිරවීමේ නියෝගයක් ජනාධිපතිවරයා කළ බව ද සරත් එන්.ද සිල්වා මහතා පැවැසීය.

ආණ්ඩු බලය, මූළික අයිතිවාසිකම්, සර්ව ජන ඡන්ද බලය ජනතා පරමාධිපත්‍යයට අයත් වන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රිියාත්මක කරන්නේද ජනතාවගේ පරමාධිපත්‍ය බව ද හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More