පුරවැසි කොලම

ඊයේ (14 වන දින) කතානායක සොයාගත් අලුත් ක්‍රමයෙන් ඡන්ද විමසන විට මහින්ද රාජපක්ෂ පරාදයි කියලා කියනකොට තමන්ගේ තිබූ ඊනියා ස්වාධින බව තවදුරටත් රැකගන්න බටහිර තානාපතිවරුන්ට නොහැකි විය.

ඔවුන් ඒ අවස්ථාවේ සතුටු වූයේ උද්දාමයෙන්ය.අත්පොලසන් දෙන්නට විය.ඒ තමා වෙනුවෙන් සුවච කීකරු ගැතිකම් දක්වන පිරිසකට බලය යන බව දැනුන නිසාය.

බටහිර මනදොළ සපුරන රනිල් අැතුළු අාණ්ඩුවක් හදන්න තානාපති කාර්යාලය වෙහෙසන්නේ මහින්ද මෛත්‍රී අාණ්ඩුවේ ඔවුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට නොවන බව හොඳින් දන්නා නිසාය.

රනිල් හරහා තමාට අවශ්‍ය දේ ඉෂ්ඨ කර ගැනීමට මාන බලන අධිරාජ්‍යවාදී බලවේගයන් මේ සදහා මේ ක්‍රමය පාවිච්චි කරයි මේ ක්‍රමය පාවිච්චි නොකරයි කියා නිගමනයකට එන්නට තරම් පැහැදිලිතාවයක් මෙහි නැත.බොහෝ විද්වතුන් අදහස් දක්වන අාකාරයට ලේ වැගිරීම් මතින් අවශ්‍ය මැදිහත් භාවය බලාපොරොත්තු වන බව පෙනේ.

ඒ බව අද (15 දින)දවසේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන්ගේ ක්‍රයාකලාපෙන් දැකගත හැකිය.පාර්ලිමේන්තු සභා ගැබට කිනිසි සහිතව පැමිණීම ඉහත කරුණ සැලසුම් සහගතව දියත්වන බවට සාධකයකි. පාර්ලිමේන්තුවේ මෙසේ ලේ වැගිරීම් ඒ ඒ මන්ත්‍රී වරුන්ගේ පාක්ෂික ජනතාව තුළ කැලබිලි ස්වභාවයන් අැති කිරීමට දායක වන බව සාමාන්‍ය කරුණකි.

මේ සටන් පාර්ලිමේන්තුවෙන් විථි සටන් දක්වා අවතීර්ණ කරගැනීම සදහා එවැනි නොයෙක් ක්‍රම පාවිච්චියට ගන්නට ඉඩ අැත.ඒ තුළින් මැදපෙරදිග අැතුළු රටවල නිර්මාණය වූ රෝසවසන්තය තුළින් බටහිර බලවත් රාජ්‍ය අපේ රටට අත පෙවීම හා මැදිහත්වීම දක්වා සංකීර්ණ වේ.

මෙම ක්‍රයාවට තවත් දායකත්වයක් දක්වන්න අාණ්ඩුවේ පැත්තෙන් ද සිටින බව පෙනේ. මහින්දට අවශ්‍ය බලය නැති හෙයින් බලය තිබෙන පැත්තට දී පැත්තකට වෙන්න කියන අැතැම් න්‍යායාචාර්ය වරුන් යැයි කියා ගන්නා පිරිස් ද ඒ පිටුපස සිටින පිරිස් ද මේ අර්බුදය වර්ධනයට දැනුවත් හෝ නොදනුවත්ව සම්මාදම් වෙති.

තවත් කෙනෙක් මේ වැඩපිළිවෙළේ දී සක්‍රීයව දායකත්වයක් දක්වන බව පෙනේ.ඒ වෙන කවරෙකු නොව කතානායකවරයා ය.ඔහු වර්තමානයේ යු.එන්.පී පක්ෂයේ කතානායක වෙන්න තරම් ලැජ්ජා සහගත භුමිකාවක නිරතව සිටීම මේ අරාජික තත්වය වර්ධනය කරයි.ඒ ද ඔහුගේ ම අවශ්‍යතාවය නොවන බව පෙනේ.ඔහු ද මේ ක්‍රමන්ත්‍රණයේ කොටස්කරුවෙකු කොට ගෙන අැත්තේ අවාසනාවකටය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ රනිල්ගේ අභිමතයන් මුදුම්පත් කර ගන්නට උපරිම සහයෝගය කතානායකවරයා නින්දා සහගත ලෙස කතානායක ධුරය අවභාවිත කරමින් ලබා දී අැත.ඉදිරියට ද ලබා දෙනු අැත. රනිල්ට තිබෙන ප්‍රධාන ම ශක්තිය බවට ස්වාධීන යැයි කියන එහෙත් ක්‍රියාවෙන් නොපෙනෙන කතානායකයා වී අැත.

මේ නිසා ඔහු රිසිසේ තම තනතුරට මුවාවී අවශ්‍ය සහයෝගය ලබාදෙන බව මේ දිනවල සිදු වූ සිදුවීම් තුලින් දැකගත හැකිය. ඔහු අසීමාන්තික බලයක් අාරූඩකරගෙන ජනාධිපතිවරයා ද මර්ධනය කරන්නට උත්සාහා දරණ බව පෙනේ.

දවසින් දවස රටේ දේශපාලන අරාජික බව,අස්ථාවර බව, හා ඒ තුලින් වන රටේ අපකීර්තිය යන මේ සියල්ලම කතානායකවරයා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති දෙපළගේ‍ ගිණුමට දමා තමා සුද්ධවන්ත පිරිසිදු ස්වාධීන බව පෙන්වන්නට උත්සහා දරයි.

මේ‍ සියල්ලට වග උත්තර කරු තමා බව කතානායක කරූ ජයසූරිය නොදන්නවා වුනාට බුද්ධිමත් ජනතාව දනිති. මේ ක්‍රියාවලියට තාවකාලික විසදුමක් ලෙසින් බොහෝ විද්වතුන් කියනුයේ ජනාධිපති බලතල අනුව පාර්ලිමේන්තුව කල් තැබිය යුතු බවය.

ජාතියක් ලෙස රටේ අනාගතය සුරක්ෂිත භාවය වෙනුවෙන් ජනතා පරමාධිපත්‍යය අාරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතුය.ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය ඡන්දයයි.ප්‍රජාතන්ත්‍රවාදය අගයන හැමට ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඥාණය පහළ වේවායි පතමි.
=====================================
මේ රටේ මා අැතුළු මහා සංඝරත්නයට රැකගන්නට වටිනා දෙයක් නැත සම්බුද්ධ ශාසනය හැර.ඒ සදහා මේ භූමියේ ස්වෙෙරී භාවය අාරක්ෂා විය යුතුය.මේ රටේ ස්වෙෙරී භාවය වෙනුවෙන් අතීතයේ සිට ශ්‍රී ලාංකික භික්ෂුව කටයුතු කළ බව ඉතිහාසය දන්න වුන්ට අරුමයක් නොව. ඒ ඉතිහාසය වර්තමානයේ ද ඒ අවශ්‍යතාවය ඉල්ලා සිටින අතර එය ඉටු කිරීමට මැදිහත් වීමකි.

මේ රටට , ජාතියට ,සම්බුද්ධ ශාසනයට යහපතක් වේවා.
තෙරුවන් සරණයි…,

පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More