රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හැර සියලුම අමාත්‍යංශවලට ආරක්ෂාවට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ කාර්ය බළකාය යොදවා ඇත.
රටතුළ පවතින උණුසුම් වාතාවරණය නිමවන තෙක් මෙම ආරක්ෂාව යොදන බව විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා පවසයි.
මෙම ආරක්ෂවට අමතරව පාර්ලිමේන්තුව සංකීර්ණයේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ කාර්ය බලකායේ පිරිස් ස්ථාන ගතකර ඇති බවද ඒ මහතා කියා සිටියේය.
පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුය මෙම ආරක්ෂාව යෙද වු බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
හිටපු අමාත්‍යවරුන් නැවතත් ඔවුන්ට අයත් අමාත්‍යංශය වෙත පැමිණෙන බවට ලැබුණු තොරතුරු මත යම් කිසි ගැටුම්කාරි තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීමට විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත් බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...