දේශීය පුවත්

අපි එපාම කියද්දී මෙත්න ඉන්න පිරිසක් ජනාධිපති එක්ක එකතු වෙලා මේ කරපු වැඩෙන් අන්තිමේ අවුරුදු ගණනක් දර දිය ඇදලා හදාගත්තු පොහොට්ටුවක් ඉවරයි. ශ්‍රි ලංකා එකත් ඉවරයි. ආණ්ඩුවත් ඉවරයි. රටත් ඉවරයි. කළුකර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සිය විරෝධය ප්‍රකාශ කළේය.

වෙල්ගම මහතා මෙසේ කීවේ ඊයේ 14 පෙරවරුවේ පාර්ලිමේන්තුව කල්තැබීමට පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 6 දී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවේ එදින උදෑසන උද්ගතව තිබූ තත්ත්වයෙන් අනතුරුව අග්‍රමාත්‍යවරයා මෙම හමුව කැඳවා තිබුණේ සිදුවූ සිද්ධීන් පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් රජයේ ඊළඟ වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමටය.

කුමාර වෙල්ගම මහතා මෙහිදී අපි ඔක්කොම සතුරන්ගේ උගුල්කට අසු වී ඇතැයි කියමින් පක්ෂයේ වගකිවයුතු නායකයින් කිහිප දෙනෙකුට බැනවදිමින් මෙම අදහස් ප්‍රකාශ කළේ ඔවුන් එයින් ද රාජපක්ෂ ඇතුළු හැම උගුලකට ඇද දැමුවා යැයි කියමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More