දේශීය පුවත්

පසුගිය 02 දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවේ පැවැත්වූ රැස්වීමේදී ලබාගත් අත්සන් ලේඛනයක දිනය වෙනස් කර කූඨ ලෙස විශ්වාසභංග යෝජනාවක් සකස් කිරීම පිළිබඳව කතානායකවරයා සහ මහ ලේකම්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා කටයුතු කළ බව වාර්තාවේ.

පැමිණිල්ල මෙසේය

පාර්ලිමේන්තුවේ මහලේකම් හරහා
ගරු කතානායක තුමා,
ශි‍්‍ර ලංකා පාර්ලිමේන්තුව.

පාර්ලිමේන්තුවට නිළ ලේඛන ලෙස කූඨ ලෙස සකස්කළ සහ වැරදි තොරතුරු සහිත ලේඛන ඉදිරිපත් කිරීමේ බරපතල වරද පිළිබද පැමිණිළි කිරීම.

විජිත හේරත් මන්ත‍්‍රීවරයා විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ දී අදාල අත්සන් ලේඛනය කූඨ ලෙස සකස් කොට ඇති බව මේ වන විට හෙලිදරවි වි ඇත.

එම ලේඛනය සකස්කොට ඇත්තේ පසුගිය 02 වැනි දා පාර්ලිමේන්තුවේ කොමිටි ශාලාවක පැවැත්වූ නිල නොවන රුස්වීමක අත්සන් වාර්ථාවේ දිනය සුදු තින්ත යොදා වෙනස් කිරීම මගින් බව දැන් හෙළිදරව් වී ඇත. එසේ අත්සන් ලේඛනයේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ අත්සන් කොට ඇත්තේ අගමැතිවරයා ලෙසය.

ඒ සියල්ල පාර්ලිමේන්තු වරප‍්‍රසාද පනතේ 22 වගන්තියේ (‘අ’ කොටසේ 4වැනි වගන්තිය යටතේ) දඩුවම් ලැබිය යුතු වැරදි ලෙස සැලකේ. එසේම කූඨ ලේඛන සැකසීම දණ්ඩනීති සංග‍්‍රහය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් වේ.

ඒ නිසා මේ පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වා අදාල නිතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු මන්ත‍්‍රී



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More