දේශීය පුවත්

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට යළි රැස්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කථානායක කරූ ජයසුරිය මහතා විසින් පක්ෂ නායක රැස්විමක් පැවැත්විමට නියමිතයි.

එහිදී පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පිළිබඳව තීරණය කෙරෙනු ඇති බවද වාර්තාවේ.

කෙසේවෙතත් ඊයේ(14) දිනයේදී පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත් විශ්වාසභංග යෝජනාව පිළිනොගන්නා බව අමාත්‍ය සුසිල් ප්‍රේමයජන්ත මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව තුළ මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය පුටුවෙහි වාඩිවිමට බලයක් නොමැති බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව පිළිබඳව සහ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා සඳහන් කළේය.

එවන් ප්‍රකාශයක් සිදු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවට ඊයේ දිනයේ ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පිළිබඳව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා සහ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් මෙසේ අදහස් පළ කළේය.

කෙසේවෙතත් අද දිනයේ පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More