රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී ඊයේ(14) සම්මත නොවුණු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවැසීය. පාර්ලිමේන්තුවට ගෙනඑනු ලැබූ විශ්වාසභංග යෝජනාව මඟින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පිළිගන්නා බව සඳහන් නොවන බව ද අනුර දිසානායක මහතා කීවේය.
පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම සඳහා යෝජනාවක් ගෙන එන්නේ නම් එය පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකින් සම්මත කර ගැනීමට ජවිපෙ සහාය ලබාදීමට කටයුතු කරන බව ද දිසානයක මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ(14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිසානායක මහතා මේ බව කියා සිටියේය. විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සක්‍රීය දායකත්වක් ලබාදුන් බවත් ඒ සඳහා කිසිවකුගෙන් සහතික උවමනා නොමැති බවත් දිසානායක මහතා කියා සිටියේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති මහත්වරු එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...