දේශීය පුවත්

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ගෙනආ විශ්වාසභංගය තමන් පිළිනොගන්නා අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂය ලෙස දිගටම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ක්‍රියාකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (14) පැවසීය.

ජනාධිපතිගේ ස්ථාවරය වන්නේද තවදුරටත් ක්‍රියාත්මක වන්නේ මහින්ද රාජපක්ෂ අගමැති ඇතුළු ඇමති මණ්ඩලය වන බවද ඒ සම්බන්ධයෙන් එතුමා කථානායකවරයාට ලිඛිතව දන්වනු ලබන බවද ප්‍රේමජයන්ත මහතා පැවසීය.

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු ආකාරයට එය ඉදිරිපත් නොකළ බවද ඔහු පැවසීය. එය ඉදිරිපත් වූයේ සෙංකෝලය වේත්‍රධාරි විසින්ම ඉවත් කර තිබුණ අවස්ථාවක බවද සෙංකෝලය පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවක සභාවක් ක්‍රියාත්මක විය නොහැකි බැවින් මෙම විශ්වාසභංගයට කිසිම බලයක් නැති බවද ඔහු තවදුරටත් පැවසීය.

විශ්වාසභංග යෝජනාවේ අඩංගු දෙවැනි කාරනාව කිසිදු නිශ්චිත භාවයක් රහිතව ඉදිරිපත් කර තිබූ අතර එය විජිත හේරත් මහතා පාර්ලිමේන්තු මහලේකම්ට භාරදුන්නද කථානායකවරයා එතුමාගෙන් එය ලබානොගෙනම ඡන්ද විමසීමකට ගිය බවද ඔහු පැවසීය.

විශ්වාසභංග යෝජනාවක තිබෙන්නේ කුමක්දැයි යන්නවත් කියවා නොබලා ඡන්ද විමසීමකට කටයුතු කිරීම තුළින් කථානායකවරයා සිය පක්ෂපාතීත්වය පෙන්වා ඇති බවද ප්‍රේමජයන්ත මහතා එහිදි සඳහන් කළේය.

කථනායකවරයා විශ්වාසභංගය සම්මත වූ බව කියන්නේ හඬ අනුව බහුතරය විශ්වාසභංගයට පක්ෂව ප්‍රකාශ වූ බවට සලකන්නේ යැයි කියමින් බවද හඬ අනුව ඡන්ද ගණන් කිරීමක් ඉතිහාසයේ කිසි දිනක සිදුව නැති බවද ඒ අනුවද මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වූ බවට පිළිගත යුතු නැතැයිද ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More