අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දැන් අගමැති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමිනි.
මේ අතර අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදුවූ කරුණු ඇතුලත්ව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කරනු ලැබූ ලිපිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පිළිනොගත් බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර අද දිනයේදී ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් නොමැති බව පවසමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් විශ්වාසභංග යෝජනාව කිසිදු වලංගු භාවයක් නොමැති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම යෝජනාව සම්මත කර ගනු ලැබූ අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ සෙංකොලය නොතිබූ බවත් ඒ හේතුවෙන් අද දිනයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ කිසිදු වලංගු භාවයක් නැති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...