දේශීය පුවත්

කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද මාධය නිවේදනයක් මෙහි දැක්වේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 දරණ 2018 නොවැම්බර් 04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව අද දින (2018-11-14) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස් විය.

ගරු කථානායකතුමන් විසින් දවසේ සාමාන්‍ය කටයුතු අනුව නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරම් මහතා විසින් ස්ථාවර නි‍යෝග අත්හිටුවා ඉදිරි කටයුතු කර ගෙන යාමට යෝජනා කරන ලදී.

ඒ පිලිබඳව සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඡන්ද විමසීමක් යෝජනා කෙරුණු අතර, එහිදී බහුතර‍යේ එකඟත්වයෙන් ස්ථාවර නියෝග අත්හිටුවන ලදී.

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සභාවට ඉදිරිපත් කරන ලදී. අද දිනම ඒ පිලිබඳව සභාවේ මතය විමසිය යුතු බව ද ඔවුහු යෝජනා කළහ.

ඒ අවස්ථාවේ දී විපක්ෂයෙන් බෙදීමක් ඉල්ලා සිටි අතර, බෙදුම් සීනුව නාද කිරීමෙන් පසු කථානායකතුමා විසින් ඡන්ද විමසීමට නියෝග කරන ලදී.

එහිදී විශ්වාස භංග යෝජනාවට පක්ෂව බහුතරය ඡන්දය ප්‍රකාශ කළ අතර, ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට ගරු කථානායකතුමන් විසින් සභාව වෙත නිවේදනය කරන ලදී.

ඉන් අනතුරුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමන් විසින් හෙට පෙ:ව 10.00 දක්වා සභාව කල් තැබිය යුතු බව ට යෝජනා කරන ලද අතර, ඒ සඳහා සභාවේ අනුමැතිය හිමි විය.

අද දින භාර දෙන ලද විශ්වාස භංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළ සභාවේ තීරණය ද ගරු ජනාධිපතිතුමන් විසින් පසුගිය දා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධි බවට සදහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද

ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සදහා ගරු ජනාධිපතිතුමන් වෙත දන්වා යැවීමට ගරු කථානායකතුමන් විසින් පියවර ගනු ඇත.

– කථානායක මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More