දේශීය පුවත්

වනජීවී හා සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රකාශ කළේය. ඔහු පැවැසුවේ අද දිනයේදි ජනපතිවරයා හමුවිමට බලාපොරොත්තු වන බවයි.

තමන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වූයේ එයට බහුතරය ඇති බවට සිතුන නිසා බවත් මේ වන විට බහුතරයක් නොමැති බව තීරණය වී ඇති බවත් ඔහු පැවැසීය.

තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවූ බවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි සහ ගාල්ල දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු මන්ත්‍ පියසේන ගමගේ සහ එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය දින ආණ්ඩුවට සම්බන්ධ වූ වසන්ත සේනානායක මන්ත්‍රීවරයාද සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ අනෙක් පස අසුන් ගත් බව පාර්ලිමේන්තුවෙන් වාර්තා වේ.

මේ අතර අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට යන බව වාර්තාවේ. තමා නැවත එජාපයට එක්වන බව අද පැවැති පාර්ලිමේන්තු සභා වාරය අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇතැයි දැනගන්නට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More