කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීම මේ වන විට අවසන් වී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ අද(14) දින න්‍යාය පත්‍රය සැකසීම සභාවට පැවරීමට තීරණය කර කළ බව කථානායක කාර්යාලය දැනුම් දී තිබේ.
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැත් වුණේ අද උදෑසන 8.30ට ය.
මේ අතර, අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන බවට මන්ත්‍රීවරුන් සියලු දෙනාට කථානායක කරූ ජයසූරිය මහතා දැනුම් දී තිබුණි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සභාගර්භයට තුළ පැමිණ ඇති බවද වාර්තා වෙයි.
මේ වන විට වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරු පාර්ලිමේන්තු සභාගර්භයට පිවිස අවසන් බවද වාර්තාවේ.
මේ අතර, ජනාධිපති ආරක්ෂ අංශ නිලධාරීන් ද පැමිණ ඇති අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින බව ද වාර්තා වෙයි.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...