පාර්ලිමේන්තුව යළි කැඳවීමේ හැකියාව ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කථානායකට පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් හෝ ඒ සඳහා කිසිදු හැකියාවක් හෝ නොමැති බවත් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින නීති විශාරදයෝ පෙන්වා දෙති.
ඒ වගේම පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත් එහි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පැවැතුණහොත් එය වැළැක්වීම සඳහා යළිත් වරක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කල් දැමිය හැකි බවත් ඔවුහු ප්‍රකාශ කරති.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් ශේර්ෂ්ඨාධිකරණය වැඩිදුර විභාගය දෙසැම්බර් 4-5 සහ 6 යන දිනවල සිදු කිරීමට තීරණය කර තිබෙන තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව රැස්කර තමන්ට බහුතරයක් තිබෙන බව පෙන්වීමට කටයුතු කරන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද කියා ප්‍රශ්න කරන බවද ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින නීති විශාරදයෝ ප්‍රකාශ කරති.
අවශ්‍ය නම් මෙම පෙත්සම සම්බන්ධයෙන් ශේර්ෂ්ඨාධිකරණය තම තීන්දුව ප්‍රකාශ කරන තුරු ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව කල් තැබීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැකියාව තිබෙන බවද ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...