ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට්ටුවට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් නඩු විනිසුරුවරුන් නව දෙනකු හෝ 11 දෙනකුගෙන් සමන්විත සම්පූර්ණ විනිශ්චය මණ්ඩලයක් හරහා විභාග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
හෙට පාර්ලිමේන්තුවේ දී කතානායරකවා විසින් අලුත් අගමැතිවරයකු පත් කරනු ඇතැයි ඇතැමුන් බලාගෙන සිටිය ද අගමැති හා ඇමැතිවරුන් පත් කිරීමේ පූර්ණ බලය ඇත්තේ ජනපතිට පමණක් බවත් ඇමැතිවරයා කීවේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද(13)රාත්‍රී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඇමැති දිනේෂ් ගුණවර්ධන –
‘‘පාර්ලිමේන්තුව දේශපාලන ආණ්ඩු පෙරලියකට පසුගිය 26 වැනි දා භාජනය වූ බව අපි කළින්ම ප්‍රකාශ කළා. එවකට තිබුණු එක්සත් ජාතික පක්ෂයේ හා සන්ධානයේ ගිවිසුම අවසන් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වසන් වුණා. එවැනි ගිවිසුමක අවසානයේ දී ආණ්ඩුව විසිරී යනවා. අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමත්‍යවරයා ලෙස පත් කර අමාත්‍ය මණ්ඩලය පත් කළා. මේ අතර ජනාධිපතිත් අගමැතිත් අමාත්‍යමණ්ඩලයත් සාකච්ඡා කිරීමෙන් පසු මෙරට ඡන්ද දායකයන්ට උත්තරීතර පාර්ලිමේන්තුවක් අලුතින් පත් කිරීම සඳහා මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. ජනවාරි 05 මහ මැතිවරණ පවත්වන්න නිවේදනය නිනුත් කළා. පාර්ලිමේතුවක් විසිරවිය හැක්කේ ජනාධිපතිවරයාට පමණි. ඒ අනුව ඒ බලතල පාවිච්චිකරමින් රටේ ජතාවට අලුත් පාර්ලිමේන්තුවක් පත් කර රටේ ජනතාවට වඩා ශුබවාදී කිරීමට පාලිමේන්තු මැතිවරණයකට සූදානම් වීම ආරම්භ කළා.
මේ අතරතුර පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීමේ නිවේදනය පැවැත්වීමේ ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනය අභියෝගයකට ලක් කරමින් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහින් එය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියා. අද ශ්‍රේෂ්ඨාධිකරණය එය තාවකාලික අත්හිටුවීමක් පමණක් කරලා තියෙනවා.
ඇමති විමල් වීවංශ –
එහිදි අදහස් දැක්වු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ කථානායකවරයාට මෙලෙස පාර්ලිමේන්තුව රැස් කිරිම සඳහා කිසිදු නෛතික හැකිවායක් නොමැති බවයි.
බලයේ සිටින පාලන තන්ත්‍රයක් විසින් පාර්ලිමේන්තු මැතිවරණයකට අවස්ථාව මහජනතාවට ලබා දුන් විට විරුද්ධ පක්ෂයක් විසින් එයට එරේහි වු පළමු අවස්ථාව මෙය බවද අමාත්‍යවරයා පවසයි.
මහජනතාගේ ප්‍රසාධයයක් ගත හැකි නම් අධිකරයේ පිහිටක් අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා පවසයි.
විපක්ෂයට කිසිදු මහජන බලයක් නොමැති බව එයින් පෙන්නුම් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...