ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටවුමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව දෙසැම්බර් මස 07 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ප්‍රකාශනය අභියෝග කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
අගවිනිසුරු නලින් පෙරේරා,ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලිණි.
පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම කරුණු සලකා බැලීම්වලදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් මෙන්ම නීතිපතිවරයා සහ මැදිහත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කීපදෙනෙකුද අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.
මේ අතර, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...