ව්‍යාපාරික පුවත්

ජපානයේ වෘත්තිය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ‍්‍රමිකයින්ට ස්ථිර පදිංචිය සඳහා අවස්ථාව ලබාදීමට ජපාන රජය ගෙන ඇති තිරණය ශ්‍රී ලංකාවට ද අදාළ වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

ජපන් ජාතිකයින්ගේ ජනගහනයේ අඩුවීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම හේතුවෙන් ජපන් රජය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ලබන වසරේ අපේ‍්‍රල් මස සිට මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

කාණ්ඩ 2ක් යටතේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිත අතර පළමු කාණ්ඩය සදහා වසර 3ක තාක්ෂණික පුහුණුව හා ජපන් භාෂාව හදාරා තිබිය යුතු බවත් ඔවුන් සඳහා වසර 5ක නේවාසික වීසා කාලයක් හිමිවන අතර, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සදහා මෙය වලංගු නොවන බවත් ජපාන රජය දන්වා ඇතැයි ඔහු කියා සිටියේය.

එසේම වසර 5ක විසා කාලයක් හිමිවන එම ශ්‍රමිකයින්ට වසර 10ක් දක්වා එරට සේවය කිරීමට අවස්ථාව සැලසෙන අතර ඔවුන් සදහා ජපන් රජය විසින් නේවාසික පහසුකම් සලසා දෙනු ලබන බවද එම නිලධාරියා කීය.

කෘෂි, හෙද, සාත්තු සේවක, ආහාර පාන නිෂ්පාදනය, ඉදිකිරීම්, නැව්බඩුකරණ සහ නැව් යන්ත්‍ර උපකරණ, ආගන්තුක සත්කාරය, ආහාර සේවා, ධීවර කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්තශාලා, විද්‍යුත් සහ විදුලි උපකරණවලට අදාළ කර්මාන්ත, වාහන නඩත්තු කිරීම සහ ගුවන් සේවා වැනි රැකියා කේෂ්ත‍්‍ර සඳහා රජය විසින් ලබාදෙනු ලබන මෙම නේවාසික පහසුකම් හිමිවේ.

දෙවැනි කාණ්ඩය සදහා ජපානයේ රැදී සිටිමේ නිශ්චිත කාලයක් සීමා නොකෙරෙන බව ජපාන රජය දන්වා ඇතැයි පැවසු එම නිලධාරියා ඔවුන් සදහා ස්ථිර නේවාසික පහසුකම් ලබාදෙන අතර ඔවුන්ගේ පවුලේ ඥාතීන්හට ද ජපානයේ රැඳී සිටිමේ අවස්ථාව හිමිවේ.

මේ අවස්ථාව හිමිවන්නේ ඉහළ මට්ටමේ වෘත්තියවේදින් සඳහා විය හැකි යැයි ද ඒ පිළිබඳව මෙතෙක් දන්වා නැතැයි ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් නොයෙකුත් රටවල ආගමන විගමන ප‍්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් පවුලේ ඥාතීන් සමඟ ජපානයට පැමිණෙන ශ‍්‍රමිකයින් සදහා වසරකට වරක් මෙම වීසා බලපත‍්‍ර පිළිබදව සමාලෝචනයක් සිදුකරන අතර, බරපතල සිදුවීම් වාර්තා වුවහොත් වීසා බලපත‍්‍ර අවලංගු කිරීමට ජපන් රජය කටයුතු කරනු ලබන බව ද දන්වා ඇතැයි ඔහු සඳහන් කළේය.

Lankadeepa



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More