පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සමග එක්වන ලෙසට එහි නියෝජිතයින් කළ ඉල්ලීම පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (12) මාධ්‍ය හමුවක් කැඳවමින් ජනතා විමුක්ති පෙරමුණට මෙම ආරාධනය සිදුකළේය.
ඊට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මෙලෙස ප‍්‍රතිචාර දැක්වා ඇත.
“මුලින් හිටපු ස්ථාවරය වෙනස් කරලා එහෙම ආරාධනාවක් කරලා තියෙනවා නම් ඒ පිළිබඳව අපි සැළකිල්ලට ගන්න සූදානම්. ජවිපෙ කියන්නේ මහින්ද විරෝධී යූ.එන්.පී විරෝධී විකල්ප දේශපාලන කඳවුරක්.”
කෙසේවෙතත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩපැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂයේ ඕනෑ එපාකම් මත කි‍්‍රයා නොකර වාමාංශික දේශපාලනයට පිවිස යුතු බවය .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...