ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව නව සන්ධානයකින් තරග කිරීමට පක්‍ෂ දෙකේ නායකයන් ඊයේ (12දා) රාත්‍රී තීරණය කළ අතර නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීමට හා සන්ධානයේ නම, ලාංඡනය තීරණය කිරීම සඳහා කමිටු දෙකක්ද පත් කෙරිණි.
මෙම කමිටු දෙක මේ මස 19 වැනිදාට පෙර ලාංඡනය, ව්‍යවස්ථාව, සන්ධානයේ නම තීරණය කිරීමට නියමිතය.
නව සන්ධානයේ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් බවත් නම බොහෝ දුරට ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ විය හැකි බවත් ලකුණ නව මුහුණුවරකින් ශ්‍රී ලංකාවේ ප්‍රෞඩත්වය විදහාපාන මෙරටට ආවේනික සංකේතයක් යොදා ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බවත් ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...