ප‍්‍රධාන පුවත්

හම්බන්තොට වරාය චීනයට

December 9, 2017 7:38 pm | Lanka Lead News

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

එමෙන්ම මුල් ගිවිසුමට පරිපුරක ගිවිසුමක් වශයෙන් සකස් කර ඇති කොටස් හිමිකාරීත්ව ගිවිසුමට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබිණි.

ඒ අනුව “හම්බන්තොට ඉන්ටර්නැෂන් පෝර්ට් ගෲප්” පුද්ගලික සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 85ක් චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමගාමට හෝ ඊට අනුබද්ධිත ආයතනයට හිමි වේ.

ඉන් සියයට 15ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වන බව වාර්තා වේ.

“හම්බන්තොට ඉන්ටර්නැෂන් පෝර්ට් සර්විසස්” පුද්ගලික සමාගමෙන් සියයට 58ක් “හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප්” පුද්ගලික සමාගමට හිමි වන අතර ඉතිරි සියයට 42 ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ.

හම්බන්තොට වරාය සංවර්ධනය සදහා ඉහත සමාගම් අතර හවුල්කාරීත්ත්ව ගිවිසුම පසුගිය ජුලි මස 29 වැනිදා අත්සන් තැබිණි.

හම්බන්තොට වරාය වසර 99ක බදු ගිවිසුමක් යටතේ සංවර්ධනය සදහා අදාළ සමාගම් වෙත පැවරෙන අතර ඒ සදහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම එකක මුදලක් හිමි වේ.

එහි මූලික ගෙවීම් වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන තුන්සීයක මුදලක් අද ශ්‍රි ලංකාවට හිමිවිමට නියමිතය.

මාස හයක් තුළ දී සම්පුර්ණ මුදල රජයට හිමිවන අතර හම්බන්තොට වරායේ ආයෝජනය සදහා ද චින සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 600ක් යෙදවීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More