දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණය සඳහා පුළුල් පෙරමුණකින් සහ නව ලකුණක් යටතේ තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එකගතාවකට පැමිණ තිබේ.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) රාති‍්‍රයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවකදීය.

ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ මෙවර මහ මැතිවරණයේදී තරග වැදීමට මෙහිදී එකගතාව පළ වී තිබේ.

මෙම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්‍ෂ නායකයින් සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්‍ෂ නායකයින්ද එක්ව සිටි අතර දින කිහිපයකින් නව පෙරමුණේ නව ලකුණ ප‍්‍රකාශයට පත් කරන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මෙහිදි වැඩිදුරටත් කියාසිටියේය.

මේ අතර ඊයේ පැවති එම සාකච්ඡාව සදහා දුමින්ද දිසානායක, එස්. බී. දිසානායක සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් එක්ව සිටියහ. ඉදිරි මහ මැතිවරණයේ කටයුතු සඳහා අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර තිබේ. එම කමිටුව විසින් මහ මැතිවරණය සඳහා වන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයද සකස් කිරීමට නියමිත බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More