ජනතා පරමාධිපත්‍ය බලයට ගරු කරමින් මැතිවරණයට මුහුණ දී ජනතා කැමැත්තෙන් බලවත් ආණ්ඩුවක් පිහිටුවීම තමන්ගේ අපේක්ෂාව බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කොළඹදී මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
‘‘ ආණ්ඩු පිහිටුවීම, ආණ්ඩු වෙනස් කිරීම හා තමන් කැමැති රටේ නායකයා තෝරාගැනීමේ පරම අයිතිය තිබෙන්නේ ජනතාවටයි. දැන් අපි ජනතාවගේ මේ අයිතියට අවස්ථාව දීලා තියෙනවා.
පසුගිය වසර 3 1/2ක රාජ්‍ය පාලනය කෙරේ කළකිරීමෙන් සිටින ජනතාව අපට ඔවුන්ගේ කැමැත්ත දීලා මෙරටේ භාරකරුවන් ලෙස අපිව තෝරා පත්කර ගනී කියලයි අපි විශ්වාස කරන්නේ. අපේ විශ්වාසය තියෙන්නේ ජනතාව කෙරේ පමණයි.
අපි පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස කටයුතු කළා. නමුත් අපේ හඬට රජය ඇහුම්කන් දුන්නේ නෑ. ජනාධිපති සිරිසේන මහතාට මෙරටේ බහුතර ජනතාව කැමැත්ත දී ඔහු රටේ නායකයා ලෙස පත්කරගෙන තිබෙනවා. ඒ නායකයාගේ තීරණ ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව මගින් ඒක සිද්ධ වෙන්නේ නැත්නම් ඒ පාර්ලිමේන්තුව ජනමතය අභිබවා කටයුතු කරන ආයතනයක් වෙනවා. එවැනි අවස්ථාවක බහුතර ජනතා කැමැත්තෙන් පත්වූ නායකයා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කොට ජනතාවට තීරණ ගන්න අවස්ථාව දීම තමයි කළ යුත්තේ. දැන් එය සිදුවී තිබෙනවා. දැන් ජනතාව 2015 අගෝස්තු 17දා ඔවුන් ගත් වැරැදි තීන්දු නිවැරදි කරගන්න මගබලාගෙන ඉන්නවා. අපි විශ්වාස කරනවා ජනතා කැමැත්තට අපිට 2019 ජනවාරි 17 තුනෙන් දෙකේ බලයක් සහිත නව ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් කියලා.‘‘
ඒ වෙනුවෙන් දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු කරගෙන යනවා යැයිද අගමැති රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...