දේශීය පුවත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා මේ වන විට සිදු කෙරෙමින් පවතියි.

ඒ අනුව එම පක්‍ෂ දෙක හා සෙසු පක්‍ෂ ගණනාවක් එක් වී පිහිටුවන නව පෙරමුණේ නම ලෙස යෝජනා වී ඇත්තේ ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ය.

පිහිටුවන නව පෙරමුණේ විධායක සභාවේ සාමාජික ප‍්‍රමාණයෙන් 52%ක පමණ ප‍්‍රමාණයක් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණටත් ඉතිරි 48% ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ආදී සෙසු පක්‍ෂ අතරේ බෙදී යාමට නියමිතව ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව සලකා බැලීමේ දී මෙවර මහ මැතිවරණයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නායකත්වය දෙන පොදු සන්ධානයට අතිවිශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති. එම මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4941952කි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1481656කි. ඒ අනුව එම පක්ෂ තුන පමණක් එම මැතිවරණයේ දී ඡන්ද 6423608ක් ලබාගැනුමට සමත්විය. 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීම සඳහා ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 62ක් වන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 64ද ඉක්මවා තිබේ.

මේ අනුව බලන විට එළැඹෙන මහ මැතිවරණයේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් පොදු සන්ධානයට ආසන 132ක් ඉක්මවූ බහුතරයක් ලැබෙනු ඇතැයි එම විචාරකයෝ පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More