පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට කල් අවශ්‍ය බව නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.
මෙය ජනාධිපති විසින් කළ විධානයක් වන හෙයින් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුව නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් 12 ක් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මේ වනවිට අධිකරණය හමුවේ සළකා බැලෙන අතර එහිදී නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...