ඉදිරි මහ මැතිවරණයට පුළුල් සන්ධානයක් ගොඩනැගීමටත් පොදු ලකුණක් යටතේ තරග කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන අතර සියලූ පාර්ශව එක් කර ගනිමින් තරග වැදීමට ද තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුවේ) පක්ෂ නායකයින් එක්ව මහ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් පොදු පෙරමුණට සම්බන්ධ පක්ෂත් ඇතුලු සියලුම පාර්ශ්ව එකට එකතු වී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හෝ වෙනත් පොදු පෙරමුණක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ හැකි බවයි.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ යුතු බවට පොදුජන පෙරමුණේ නායකයින්ගේ මතය වී තිබේ.
එමෙන්ම, ආණ්ඩුව විසුරුවන තෙක් ආණ්ඩුවේ රැඳී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ බහුතර මතය වී තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළහොත් එයට තමන් සහයෝගය ලබා නොදෙන බවයි.
මේ නිසා සියලුම පාර්ශ්වවලට එකට එකතු වී කටයුතු කළ හැකි සන්ධානයක් හා අලුත් ලකුණක් තෝරාගැනීමට නායන දෙපල තීරණය කර තිබේ.
මේ අතර,ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද හෙටම තීරණයක් ගන්නා බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
ඒ අනුව පක්ෂය වටා ප්‍රධාන පක්ෂ දහයක් එකතු වී සිටින බවත්, මේ නිසා ඔවුන් සමග වෙන වෙනමත්, පක්ෂ සියල්ලම පොදුවේත් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...