පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමට පෙර සියළු දෙමළ දේශපාලන පක්ෂ එකට එකතු කර ගැනීමට උත්සහ කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසයි.
දකුණේ දේශපාලනඥයින් අතර සමගියක්, විශ්වාසයක්, පැහැදිලි ඉදිරි ගමනක් නොමැති නිසා ඔවුන් කුලල් කා ගනිමින් ඉතාම අසීරු ගමනක් යමින් සිටිනවා. මේ තත්ත්වය උදාහරණයට ගනිමින් දෙමළ දේශපාලනඥයින් කළ යුතුව ඇත්තේ සියළු ප්‍රශ්න මතභේද අවසන් කොට සියළු දෙමළ දේශපාලනඥයින් එක්ව කටයුතු කිරීම බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.
තව දුරටත් අදහස් දැක්වූ ආර්. සම්බන්ධන් මෙසේද පවසයි,
“දකුණේ රජයන් මේ රට තුළ සිටින දෙමළ වැසියන්ගේ ප්‍රශ්න විසඳීමට වඩා ඔවුන් බලයට පත්ව ඒ බලය රඳා පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබදව දැඩි විමසිල්ලකින් සිටින බව පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිට මේ දක්වා ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයක්. දකුණේ පවතින මෙවැනි බල ලෝභී දේශපාලනයක් තුළ රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවක් පෙනෙන්නට නැහැ. ඔවුන් හිතුමතේට බලය සොයාගෙන යන ගමනක නිරතව සිටිනවා. මේ දේශපාලනඥයින් උදේ ප්‍රකාශ කළ දේ දහවල් කාලයට වෙනස් කරන පිරිසක් වෙලා. මේ අය කියන කරන දේවල් විශ්වාස කළ නොහැකියි. දේශපාලන ගමනක් යාමට දැඩි විශ්වාසයක් තිබිය යුතුයි. මේ විශ්වාසය දකුණේ දේශපාලනඥයින්ගෙන් ප්‍රකාශ නොවන විට දෙමළ දේශපාලනඥයින් ඉතාම තරයේ කල්පනා කළ යුතු කාරණයක් තිබෙනවා.
දකුණේ දේශපාලනඥයින් අතර සමගියක්, විශ්වාසයක්, පැහැදිලි ඉදිරි ගමනක් නොමැති නිසා ඔවුන් කුලල් කා ගනිමින් ඉතාම අසීරු ගමනක් යමින් සිටිනවා. මේ තත්ත්වය උදාහරණයට ගනිමින් දෙමළ දේශපාලනඥයින් කළ යුතුව ඇත්තේ සියළු ප්‍රශ්න මතභේද අවසන් කොට සියළු දෙමළ දේශපාලනඥයින් එක්ව කටයුතු කිරීමයි.
පාර්ලිමේන්තු මැතිවරණයක් පැමිණ තිබෙනවා. මේ තත්ත්වය සියළුම දෙමළ දේශපාලනඥයින්ටත් දෙමළ ජනතාවටත් ඉතාම බුද්ධිමත්ව කටයුතු කිරීමට හොද අවස්ථාවක් වී තිබෙනවා.
පසුගිය කාලයේ දකුණේ දේශපාලනයේ පැවති අස්ථාවරභාවය ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමෙන් තුරන් වන බවක් පෙනෙන්නට නැහැ.
එක් දේශපාලන පක්ෂයකට විශාල බලයක් ලබා ගෙන ඉතා ශක්තිමත් හා තනි රජයක් පිහිටුවීමට මෙවරත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසා රජයක් කරගෙන යාමට මීළග අවස්ථාවේදීත් සුළුජන පක්ෂවල සහය අනිවාර්යෙන්ම ලබා ගැනීමට සිදුවනවා. මේ තත්ත්වය සියළුම දෙමළ දේශපාලන පක්ෂ තේරුම් ගත යුතුයි.
මේ අවස්ථාවේදී උතුරෙන් සිදුවිය යුත්තේ නව දේශපාලන පක්ෂ පිහිටුවමින් දෙමළ දේශපාලනඥයින් භේද බින්න කිරීමත් දෙමළ ජනතාව භේද භින්න කිරීමත් නොවෙයි. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීමට හැකි නව දේශපාලන විසදුමක් මේ ප්‍රශනයට ලබා ගැනීමයි. මේ උත්සාහයේදී දෙමළ ජනතාව ලබා දෙන බලය එක්තැනකට ලබා ගෙන ඒ බලය ඔස්සේ රජයෙන් දෙමළ ප්‍රශනයට විසදුමක් ලබා ගැනීමට සෑම දෙමළ දේශපාලනඥයෙකුම කටයුතු කළ යුතු වෙනවා.
දැනට ක්‍රියාත්මක දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එකට එකතු කිරීමේ උත්සාහයක් මෙවර නාම යෝජනා ලබා දීමට පෙර සිදුවිය යුතුයි. මේ පණිවුඩය සියළුම දෙමළ දේශපාලන පක්ෂ අතරට මේ වන විට යැවීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගෙන තිබෙනවා. මේ අවස්ථාවේ ඇති බැරෑරුම් තත්ත්වය අවබෝධ කරගෙන දෙමළ දේශපාලන පක්ෂ ඉතා සාධනීය අන්දමට කටයුතු කරණු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...