ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව ජනතා සේවක පක්ෂය සඳහන් කරයි.
මීට අමතරව පක්ෂයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතා වෙනුවෙන් ඊයේ (11දා) සෝමවංශ අමරසිංහ පදනම ආරම්භ කළ බවද එම පක්ෂයේ නායක ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළේය.
මෙම පදනම මගින් දේශපාලනයට එක්වන තරුණ තරුණියන්ට දේශපාලන දැනුම ලබාදීම, සමාජ සේවා කටයුතු සහ දුෂ්කරතා මැද අධ්‍යාපනය හදාරන දරු දැරියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම ආදිය සිදු කරන බවද ඔහු පවසා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගත වී සිටින නිසා ඉදිරි මැතිවරණයට අපේක්ෂකයන් එම පෙරමුණේකෝටාවක් ලෙස ඉදිරිපත් කරන බවත්, ඉදිරි මැතිවරණය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමද ඊයේ (11දා) ආරම්භ කළ බවත් ඒ මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...