පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, දමිල ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන පක්ෂද මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ පාර්ශ්ව අතර වෙයි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නිකුත් කළ නියෝග නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද(11) දිනයේ සලකා බැලීමට නියමිතව තිබේ.
ඒ අනුව අදාළ පෙත්සම් අද අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත් සලකා බැලීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...