දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීමට ව්‍යවස්ථානුකූලද ප‍්‍රජාතන්ත‍්‍රවාදීදැයි විදෙස් මාධ්‍ය විසින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් විමසීය.

පාර්ලිමේන්තු මැතිවරණය මේ වන විට ගැසට් කර අවසන් බැවින් එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

ඉන්දියා ටු‌ඩේ පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව දක්වා තිබේ.

එසේම ශ්‍රි ලංකාවේ තත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තර තේරුම් ගත යුතු බවත් ඔහු සඳහන් කර තිබේ.

“ ජාත්‍යන්තර ප්‍රජාව මෙය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස දැකිය යුතුයි. අපි ජනතාව හමුවට යනවා. ඔවුන්ගේ කැමැත්ත ගන්නවා. අපි ජාත්‍යන්තරයත් හමුවෙනවා. ඔවුන් අපේ ස්ථාවරත්වය තේරුම් ගත යුතුයි.

අපි දැනටමත් ඒ දේ කර තිබෙනවා. ජනපති ඔවුන්ට කතා කර තිබෙනවා. මමත් ඔවුන්ව හමුවෙනවා. මම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවුණා. ඔහු මගේ දැක්ම තේරුම් ගත්තා.

මොකක්ද 19 ව්‍යවස්තා සංශෝධනය? ඔබ අනෙකුත් වගන්තිත් සම්පූර්ණයෙන්ම කියැවිය යුතුයි. ව්‍යවස්ථාවේ ජනපතිවරයාට මැතිවරණ කැඳවන්න අවස්ථාව තිබෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නෙමෙයි. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More