ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (12) පෙරවරුවේ සිදු වීමට නියමිතව තිබේ.
අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ පක්ෂ නායකයින් ද ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මුණගැසීමට නියමිතව ඇත.
එහිදී ඉදිරි මැතිවරණයට තරගවදින ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇති අතර තරග වදින පක්ෂය හා ලකුණු පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේවෙතත් පොහොට්ටුව ලකුණින් පුළුල් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණයේදී තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කර ඇති අතර අමාත්‍ය දයාසිරි ජයසේකර ද පුළුල්ප‍් සන්ධානයකින් තරග කරන බවට කාශ කර තිබේ.
මේ අතර ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර හමුවක් ද ඊයේ (11) රාත‍්‍රියේ සිදුව ඇති අතර මැතිවරණය සම්බන්ධයෙන් හා ඊට මුහුණදෙන ආකාරය පිළිබඳ එහිදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...