ඉකුත් 6 මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය රියැදුරන්ගේ වැඩ වර්ජන සිවුවැනි දිනයටත් ඊයේ (10දා) අඛණ්ඩව ක්‍රියාත්මක විය. පෙරේදා සිට දුම්රිය ස්ථානාධිපතිවරු හා දුම්රිය නියාමකයෝ වර්ජනයට එක්ව සිටිති.
ජනාධිපතිවරයා විසින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය අතහැර ගිය සේ සලකා සේවයෙන් ඉවත් කරන බව සඳහන් කළද ඊයේ සවස් වන තුරුත් වැඩ වර්ජනය අත්හැරීමේ තීරණයකට වර්ජක වෘත්තීය සමිති එළැඹ සිටියේ නැත.
වර්ජිත දුම්රිය රියැදුරන් ඇතුළු දුම්රිය සේවකයන් අද (11දා) දිනයේ සේවයට වාර්තා කරනු ඇතැයි බලාපොරොන්තු වන බවත් ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර 12ක් ධාවනය කළ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. මහානාම අබේවික්‍රම මහතා “මව්බිම”ට ප්‍රකාශ කළේය.
වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මඟහැරීම සඳහා සෑම ප්‍රධාන දුම්රිය ස්ථානයක සිට ශ්‍රී ලංගම බස් රථ යොදවා ඇතැයි සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය. වර්ජනය හේතුවෙන් පාර්සල් සේවා ප්‍රවාහනය, තැපැල් සේවා, ඉන්ධන ප්‍රවාහනයටද බාධා එල්ල වී ඇතැයිද අනාවරණය වෙයි.
වර්ජනය දිගටම පැවැතියහොත් ලංගම බස් සේවා හෝ වෙනත් විකල්ප මාර්ග යොදා ගැනීමට කල් ඇතිව වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට කටයුතු කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හෙට ඇරඹෙන අ.පො.ස. (සාපෙ) විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඇතැම් දුම්රිය ස්ථාන ඉබි යතුරු දමා වසා මුද්‍රා තබා ඇත.
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රී අත්සන් කළේය.
හෙට උදෑසන සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමට යැවූ බවත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පැවසීය.
සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සඳහා දෙපාර්තමේන්තු මට්ටමින් අවශ්‍ය පියවර ගනු ඇති බවත් ජනාධිපති ලේකම්වරයා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...