පාර්ලිමේන්තු මැතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට තමා සූදානම් නැති බවත් ඉදිරි මහ මැතිවරණය සඳහා රටම දන්නා පුළුල් වාමාංශික පෙරමුණකින් තරග කිරීමට සන්ධාන නායකයන් තීරණය කර ඇති බවත් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ආශිර්වාදය යටතේ පොදු ලකුණක් යටතේ මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ සාකච්ඡා අරඹන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ(11) පැවසීය.
ප්‍රගතිශීලී පක්ෂ හා දෙමළ, මුස්ලිම් පක්ෂ හා වතු ජනතා පක්ෂ සමඟින් නව පුළුල් පෙරමුණක් යටතේ මෙවර මැතිවරණයේදී තරග කරන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරගනිමින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදා හැරනොයන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...