පුරවැසි කොලම

අතිගරු ජනාධිපතිතුමා විසින් මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් පසුගියදා ඉතා අවදානම් තීරණ කීපයක් ගනු ලැබීය.එජනිස යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වීම,රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීම,හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා වශයෙන් නමි කිරීම. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඒවායින් ප්‍රධාන වේ.මේ සියලු ක්‍රියාමාර්ග හරහා සිදුවූ තවත් සුවිශේෂී කාරනයක් වූයේ බෙදී විසිරී තිබූ වමේ සමගියට ශක්තිමත් පදනමක් වැටීමය.

එනිසා මෙම වමේ එක්සත් වීම නව සන්ධානයකින් මෙවර මැතිවරණය දක්වා යෑමටත් ශක්තිමත් බහුතර රජයක් පිහිටවීම දක්වා ගමන් කලයුතුය.කාටත් පිළිගත හැකි පොදු ලකුණකින් මැතිවරණයට තරඟ කිරීමෙන් සෑම පක්ෂයකම අනන්‍යතාව ආරක්ෂා කරගත හැකිය.එසේම මේ මොහොතේ බලවේගයන් සියල්ලම උපරිම නම්‍යශීලීත්වයෙන් කටයුතු කළයුතුය. මහින්දගේ ගොඩ ලෙස හෝ මෛත්‍රීගේ ගොඩ ලෙස කුලල් කා ගැනීමට ගියහොත් එහි වාසිය අත්වන්නේ සතුරාටය.අවශ්‍ය වන්නේ මහින්ද මෛත්‍රී දෙගොඩින්ම සුදුස්සන් තෝරා එවීමයි. නුසුදුස්සන් මහින්ද ගොඩේ සිටියද මෛත්‍රී ගොඩේ සිටියද මෙවර පාර්ලිමේන්තුවට නොවීමට ජනතාව වග බලා ගත යුතුය.

එසේම මෙම අවස්ථාව නිර්මාණය වූයේ අතිගරු ජනාධිපතිතුමා සතු විධායක බලය යෙදවීමෙන්ය.එම තීරණය ගනු ලැබුවේ ගරු අගමැතිතුමාගේද පූර්ණ අවබෝධයෙණි. එනිසා පොදු ජන පෙරමුණේ හා ශ්‍රීලනිප නායක කාරකාදීන් එම යථාර්ථය අවබෝධ කර ගෙන කටයුතු කරන්නේ නමි එය සමස්ථ ජාතියේම ඇගට ගුණය.මෙහිදී වටහාගත යුතු ප්‍රධාන කරුණ වන්නේ මෙම බලවේගයන් දෙක සතු බලය එකිනෙකට සමාන කළ නොහැකි බවයි.එනම් පොදු ජන පෙරමුණ අත වැඩි මහජන බලයක් පවතින අතර ජනාධිපතිතුමා සතුව විධායක බලය පවතී.මෙම දිත්ව බලයම සටනට අත්‍යාවශ්‍ය වේ.එම බලයන් එකිනෙකට සේවය කිරීම අවශ්‍යවේ.ඒවා අතර දුරස්ථ බවක් නිර්මාණය වේ නමි ලබාගත් ජයග්‍රහණය පවා පරාජයන් බවට පත් විය හැකිය.

එසේම මේ ලද අවස්ථා රටට වාසිදායක ලෙස කලමනාකරණය කිරීමට ජාතික බලවේග මෙන්ම ගෞරවණීය සංඟරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් මැදිහත් විය යුතු අත්යවශය වේලාව පැමිණි ඇතැයි මට සිතේ.එසේම ලද ජයග්‍රහණ ඉදිරියටම ගෙන ගොස් විජයග්‍රහණයකින් අවසන් කරීමට දායකවීම අප සැමගේ යුතුකමයි.ස්තුතියි.

ප්‍රියන්ජිත් විතාරන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More