දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල අනුව යමින් නව අගමැතිවරයකු පත් කරගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය දේශපාලන වශයෙන් වැදගත් තීන්දුවක් ලෙස මේ රටේ ජනතාව අනුමත කර ඇති බව මල්වතු අස්ගිරි නාහිමිවරු පවසති.

මෙහිදී අදහස් දැක්වූ ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි අනුනාහිමියන් සහ ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ වැඩබලන ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යමින් බවයි.

අප ‍රටේ අයිතිය වෙනත් ජාතීන්ට, වෙනත් ආගමිකයන්ට කුමන හෝ අයුරකින් ලබා දීමට යම් අයකු කටයුතු කරනවා නම් මහා සංඝයා වහන්සේලා සහ මහජනතාව පෙරට විත් කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද උන් වහන්සේ ප්‍රකාශ කළහ.

රටක සභ්‍යත්වය හා සංස්කෘතිය කෙරෙහි අප සියල්ලන්ගේම අවධානය යොමු කිරීමේ ඇති අවශ්‍යතාව පෙන්වා දුන් නාහිමිවරු ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පවා මේ රටේ ස්ථිර පදිංචිය හා ඉඩකඩම් ලබා නොදීමට බෞද්ධ උ‍පදේශක කාරක සභාව මගින් නියෝග කරනු ලැබුවේ ඒ අනුව බවද පෙන්වා දුන් උන්වහන්සේ අප සමාජයේ සිටින පිරිසගෙන්ද රටට හා ජාතියට අවැඩක් වන්නේ නම් ඊට එරෙහිව නැඟී සිටීම ජාතික වගකීමක් බවද පෙන්වා දුන්හ.

ඉදිරි සතියේදී සිදු වීමට නියමිත පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීම පිළිබඳවද අදහස් පළ කළ නාහිමිවරු සියලු පාර්ශ්වයන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරමින් විනයගරුකව හැසිරීමේ ඇති වැදගත්කමද පෙන්වා දුන්හ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More