දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බව ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට විවිධ පාර්ශවයන් ඉදිරිපත් කරන තර්කයේ ඇති බලාත්මකභාවය පිළිබඳව විමසු අවස්ථාවේදී එසේ පැවසු ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් මත පළ කිරීමෙන් කිසිඳු ප‍්‍රයෝජනයක් නැතැයිද මෙහි යම් ගැටළුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම තුළින් යැයිද පැවසීය.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ වසර 4 1/2ක කාලයක් ගත වනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය දෝෂ සහගත බවත් මේ වන විට විවිධ දේශපාලන පක්‍ෂ හා විවිධ පුද්ගලයින් මත ඉදිරිපත් කරන බව පෙන්වා දෙමින් ඒ සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීම කුමක්දැයි කළ විමසීමකදී ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා එසේ පැවසීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වගත්තියේදී 33 වැනි වගන්තියේ කුමක් සඳහන් වුවත් යනුවෙන් සඳහනක් වත්, 33 වැනි වගන්තිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගත්තියට යටත් බවට සඳහනක්වත් නැහැ.

කතානායකවරයා පාර්ලිමෙන්තුවේ කටයුතු හසුරුවනු ලබන තැනැත්තා පමණයි. ඔහුට රට පාලනය කළ නොහැකියි. අගමැතිවරයා සම්බන්ධයෙන් මතුවු ගැටළුවේදී කතානායකවරයා ක‍්‍රියකළ ආකාරයෙන් සුවිශේෂි තත්වයක් නිර්මාණය වී තියෙනවා. මේ අනුව ජනාධිපතිවරයාට ඇති අමතර බලය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහු ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More