ප‍්‍රධාන පුවත්

හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ‍පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින් ඊයේ (6) දින දක්වා නිකුත් කොට තිබූ අතුරු තහනම් නියෝගය ලබන 15 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් එදින විභාගය ආරම්භ කිරීමටද අභියාචනාධිරණයේ සභාපති විනිසුරු එල්.ටී.බි. දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල වැඩිදුරටත් තීරණය කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය ඔහුට එරෙහිව ‍පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින් ‍පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත එම අතුරු තහනම් නියෝග නිකුත් කර තිබුණි. නීතිපතිවරයාට කරුණු දැක්වීමට අවසර ලබාදීමකින් තොරව පසුගිය 29 වැනිදා අභියාචනාධිකරණය විසින් එම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විරෝධතාවය දක්වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා එහිදී විනිසුරු මඬුල්ලට පෙන්වා දෙමින් ලිඛිතව අධිකරණය හමුවේ විරෝධතා ගොනු කළේය.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ පදනම විසින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සමග ඇතිකරගත් ගිවිසුමක් අනුව තංගල්ල වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉඳිකළ බවත් එහිදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් ‍පොදු දේපළ පනත යටතේ තමාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැලසුම් කර ඇති බවත් පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි. ‍පොදු දේපළ පනත යටතේ විමර්ශන කර තමාව අත්අඩංගුවට ගැනීමට අපේක්ෂා කරනුයේ ඇප ලබානොදී දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ අදිටනින් බැවින් සහකාර ‍පොලිස් අධිකාරීවරයකු විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති සහතිකය අත්හිටුවන ලෙසටද ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More