අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය අද (11) ලබා ගත්තේය.
අද පෙරවරු 11. 00 ට පමණ, විජේරාම නිල නිවසේදී ඔහු මෙම සාමාජිකත්වය ලබා ගත් අතර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගැනීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම නියෝජනය කළ මන්ත්‍රීවරුද සාමාජිකත්වය ලබා ගත් අය අතර වෙති.
මේ අතර ඉදිරි මැතිවරණය සදහා තරග කරන බවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා තිබේ.
එම පක්‍ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඊයේ දිනයේ මේ බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...