ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එකතුවීමට නොහැකි වූයේ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටින දෙදෙනකුගේ දැඩි විරෝධය නිසා බැවින් ඉදිරියේදී පක්‍ෂයට මුහුණදීමට සිදුවන සියලු ප්‍රශ්නවලට ඒ දෙදෙනා වගකිවයුතු බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා හා බැසිල් රාජපක්‍ෂ මහතාත් පක්‌ෂයේ එකතුවට කැමති යෑයි ද අනෙකුත් මන්ත්‍රීවරුන්ගේත් අති බහුතරය කැමැති යෑයි ද මෙම දෙදෙනාගේ විරෝධය නිසා එකඟතා කඩාකප්පල් වූ බවද ඊයේ (06 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා කීවේය.

අනාගත නායකයින් වෙන්න බලාගෙන ඉන්න මෙම පුද්ගලයන් දෙදෙනාගේ නම් ඉදිරියේදී හෙළිදරව් කරන බවද ඇමැතිවරයා පැවසීය.

මේ පළාත් පාලන මැතිවරණ ක්‍රමයෙන් ආයතනයක්‌ ජයග්‍රහණය කිරීමට සියයට 60 ක බහුතරයක්‌ ගත යුතු යෑයිද එය පක්‍ෂවලට ඉතා අසීරු ඉලක්‌කයක්‌ බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් වෙනත් පක්‌ෂවල අපේක්‌ෂකයන් දිනවීමට ක්‍රියා නොකළ යුතු බවට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවද ඒ අනුව පොහොට්‌ටුව දිනවන්න කිසිවකු ක්‍රියා කළහොත් ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන බවද ඇමැතිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More