දේශීය පුවත්

මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මැතිවරණ කොමිසමට නීතිමය බලයක් නොමැති බවත් එම කොමිසම සතු එකම කාර්යය ජනාධිපතිවරයා නිකුත් කරන දිනයේදී මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීම බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති රජයේ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවනවානම් පළමුවෙන්ම මහ මැතිවරණය පවත්වන දිනය ජනාධිපති තීරණය කළ යුතු අතර පාර්ලිමේන්තුව කැඳවන දිනයත් ජනපති තීරණය කළ යුතු බව සඳහන් වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,

“දේශපාලඥයෙක් රටේ ස්වාභාවය නොතකා කටයුතු කරන්නේ නම් ජනතාව ඒ පිළිබඳව තීරණයක් ගත යුතුයි. පාර්ලිමේන්තුවයි විධායකයයි එකට ඉදිරියට වැඩ කරන්න බැරිනම් පාලකයාට මෙවැනි තීරණ ගැනීමේ බලතල ලැබී තිබෙනවා.රට ඉදිරියට යා නොහැකි ලෙස හිරවීමක් තිබෙනවා නම් ජනාධිපතිට නෛසර්ගික බලයක් යෙදවීමට හැකියාව තිබෙනවා. ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට කිසිදු අපහැදිළිතාවයක් ව්‍යවස්ථාවේ තිබුණේ නෑ. ඒ නිසා යෑමේ අවශ්‍යතාවයක් තිබුණේ නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

පාසල්දරුවන්ගේ විභාග කටයුතුවලට කිසිම ආකාරයක බලපැමක් ඇති නොවන පරිදි මැතිවරණ කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More