පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයකට යෑමට සිදු වූයේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සහ කතානායකවරයාගේ වැරදි ක්‍රියාකලාපය හේතුවෙන් බවට ආණ්ඩු පක්ෂ කැබිනට් අමාත්‍යවරු චෝදනා කරයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (10) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
එහිදි අදහස් දැක්වු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ නව අග්‍රාමාත්‍යවරයා පත් කිරිමේ යම් නීති විරෝධී බාවයක් ඇත්නම් එය නීතිමය පියවර ගත යුතු බවත් ය.
එමෙන්ම තමන් තුළ ජනතාවගේ මනාපය ඇත්නම් ඒ පිලිබඳ සැකයක් නොමැති නම් මැතිවරණයක් පැවැත්වීම පිලිබඳ බිය වීමට කිසිදු උවමනාවක් නොමැති බවද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...