දේශීය පුවත්

පිවිතුර හෙල උරුමයේ නායක ඇමති උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

අල්ලස් පනතේ හැත්තෑ වන වගන්තියේ කියනවා යම්කිසි කෙනෙක් තමන්ගේ තනතුර ආණ්ඩුවට අවාසියක් වන ආකාරයෙන් හෝ වෙන යම් පුද්ගලයෙකුට වාසියක් වන ආකාරයට භාවිතා කරනවා නම් දූෂණය නැමැති වරද කරනවා කියා.

ඒ වගන්තියේ ම සඳහන් වන ආකාරයට එවැනි වරදක් සඳහා උපරිම වශයෙන් බරපතළ වැඩ සහිතව දස වසරක් හිරේ දමන්නට පුළුවන්.

කතානායකතුමා ප්‍රසිද්ධියේ අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන්ගේ තනතුර රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වාසිදායක අයුරින් භාවිතා කරමින් ඉන්නවා. එය ඉහත වරදට හසු වෙනවා.

ගරු කතානායකතුමනි, ඔබේ දිගු කාලීන සුදු පිරුවට ජීවිතය අවසන් කරලා පසුගිය සති දෙකේ කොල පාට ඇඳගෙන කරනු ලබන මේ නාඩගම අවසන් වෙන්නේ සිපිරිගෙදරින් කියන එක අපි එතුමන්ට අනතුරු ඇඟවීමක් විදිහට ඉතාම කනගාටුවෙන් වුණත් සිහිපත් කරන්න කැමතියි.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More