ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද(10) මැතිවරණ කොමිෂන් සභාවට ගියහ.
එහිදී ව්‍යවස්ථාවට පිටින් මෙම මැතිවරණය පැවැත්වීමේ නීති විරෝධී භාවය ගැන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග සාකච්ඡාකර ඇතිඅතර එහිදී ඔහු සදහන් කර ඇත්තේ කිසිසේත්ම තමන් මැතිවණය සම්බන්ධයෙන් අධිකරණයට නොයන බවත් එය තමනට අයත් කාර්යක් නොවන බවත්ය.
නමුත් කිසිවෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තම කොමිසමට නිකුත් කරන නියෝගයක් අනුව කටයුතු කිරීමටද තමන් බැදී සිටින වද ඔහු කියා තිබේ.
මැතිවරණය කැදවීම නීති විරෝධී යයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් දිගින් දිගටම පවසද්දී සභාපතිවරයා පවසා ඇත්තේ අධිකරණයට ගොස් එය නිරවුල් කර ගන්නා ලෙසය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...