දේශීය පුවත්

පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර ජනාධිපති මෛත්‍රිපාල විසින් විසුරුවා හැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර දරමින් සිටින මන්ත්‍රිවරු 58 දෙනකුගේ විශ්‍රාම වැටුප අහිමිව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (ඇ) ව්‍යවස්ථාවේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිත වන ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය’ යනුවෙන් පැහැදිලිව සඳහන් වී ඇති බැවින් ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව තිබූ බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීම හේතුවෙන් විශ්‍රාම වැටුප අහිමිවන මන්ත්‍රීවරු මෙසේය-

මලික් සමරවික්‍රම, සරත් ෆොන්සේකා, එච්.ආර්. සාරථී දුෂ්මන්ත, කරුණාරත්න පරණවිතාන, කේ. කාදර් මස්තාන්, අංගජන් රාමනාදන්, හෙක්ටර් අප්පුහාමි, සිසිර කුමාර අබේසේකර, තුෂාර ඉඳුනිල් අමරසේන, ආනන්ද අලුත්ගමගේ, එස්.එම්. මොහමඩ් ඉස්මායිල්, ඒ. අරවින්ද කුමාර්, වේලු කුමාර්, නාලක ප්‍රසාද් කොළොන්නෙ, කවීන්දිරන් කොඩීස්වරන්, චන්දිම ගමගේ, ඩී.වී. චානක, සිසිර ජයකොඩි, මලිත් ජයතිලක, නලින්ද ජයතිස්ස, අනුරුද්ධ ජයරත්න, කාවින්ද හේෂාන් ජයවර්ධන, මයිල්වාගනම් තිලකරාජා, පියල් නිශාන්ත ද සිල්වා, මයන්ත දිසානායක, මොහම්මදු නසීර්,

අයි.චාල්ස් නිර්මලනාදන්, සනත් නිශාන්ත පෙරේරා, සුජිත් සංජය පෙරේරා, අශෝක ප්‍රියන්ත, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, එස්. ප්‍රේමරත්න, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, තාරානාත් බස්නායක, තාරක බාලසූරිය, එම්.අයි. මොහමඩ් මන්සීර්, එස්.එම්. මරික්කාර්, ඉම්රාන් මහරුෆ්, ආශු මාරසිංහ, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, ඉෂාක් රහුමාන්, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, ජයම්පති වික්‍රමරත්න, තුසිතා විජේමාන්න, රෝහිණී කුමාරි විජේරත්න, චමින්ද විජේසිරි, කාංචන විජේසේකර, හේෂා විතානගේ, එස්. ජයලේන්ද්‍රන්, ඥානමුත්තු ශ්‍රී නේෂන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා, සන්දිත් සමරසිංහ, එස්. සිවමෝහන්, චතුර සන්දීප සේනාරත්න, විජේපාල හෙට්ටිආරච්චි, ඉන්දික අනුරුද්ධ හේරත් යන මන්ත්‍රිවරු අට වැනි පාර්ලිමේන්තුවට පත් වී වසර පහක කාලයක් සම්පූර්ණ වී නොමැතිවීම නිසා ඔවුන්ට විශ්‍රාම වැටුපට හිමිකම් නොලැබෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More