දේශීය පුවත්

උතුරට දකුණට සීමා වූ ජාතිවාදී පක්‍ෂ රටට අවශ්‍ය නොවන බවත් අද රටට අවශ්‍ය වන්නේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ හැම දෙනාටම එකතු විය හැකි පක්‍ෂයක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා පවසයි.

රෙජිනොල්ඞ් කුරේ මහතා මේ බව කියා සිටියේ කොලඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

”දේශපාලන පක්‍ෂ බිහි කරන විට අපි සලකා බැලිය යුත්තේ සැමටම එකතු විය හැකි පක්‍ෂයක් ලෙස එම පක්‍ෂය තිබෙනවාද යන්නයි. නමුත් අද රටේ උතුරේ හෝ දකුණේ තිබෙන්නේ ජාතිවාදයෙන් බිහිවුණු පක්‍ෂයි. ඒ අනුව මුස්ලිම් කොංග‍්‍රසය, ද්‍රවිඩ සංවිධානය, කඳුරට ද්‍රවිඩ පෙරමුණ මේ ආදී වශයෙන් ගෝත‍්‍රික ගති ලක්‍ෂණ සහිත ජාතියට, ආගමට අනුව බිහි වූණු පක්‍ෂ රටේ බහුතරයක් තිබෙනවා.”

මවුබිම ජනතා පක්‍ෂයේ නායක බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ ආරාධනයෙන් එම පක්‍ෂයේ සංවත්සරික මහ සභාව අමතා කථා කළ රෙජිනෝල්ඞ් කුරේ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

”අද රටේ යම් අස්ථාවර, අවිනිශ්චිත තත්ත්වයක් උද්්ගත වී ඇති බව ඔබ අප හැම දෙනාටම බැලූ බැල්මට පෙනෙන්නට තිබෙනවා. නමුත් මේ අස්ථාවර තත්ත්වය තුළ මට නම් හිතෙන්නේ ස්ථාවර රජයක් බිහි වෙනවා කියායි. පසුගිය කාලය පුරාම රටේ පැවතුණේ අවිචාරමත් වැඩ පිළිවෙලක්. එම වැඩපිළිවෙල මුලූ මහත් රටේ ජනතාවම පිලිකුල් කළා. ඒ නිසා දේශපේ‍්‍රමීත්වය, ජාති හිතෛශීවන්ත බව මතු කර පෙන්වන ජනතාවාදි නායකත්ත්වයක් අද රටට අවශ්‍ය වී තිබෙනවා. එම නායකත්ත්ව දෙපල අද රටේ බිහි වී තිබෙනවා. එය රටේ ජනතාවගේ අති මහත් බලාපොරොත්තු සහිත වූ නව ගමනක ආරම්භය ලෙසයි මා සිතන්නේ. එම නායක දෙපලම පු`ථල් අත්දැකීම් සහිත, දර්ශනයක් ඇති නායකයින් දෙපලක් ලෙස හැඳින්විය හැකියි.

වැටී ඇති රට ගොඩ ගැනීමට එම නායකයින් දෙපලට හැකි වන බව මා විශ්වාස කරනවා. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ මතවාදයක් සහිත, ප‍්‍රතිපත්තිමය දර්ශනයක් සහිත, දැක්මක් සහිත වැඩ පිළිවෙලක්. නමුත් රටේ පවතින්නේ නායකත්ත්වය වෙනස් වන විට ප‍්‍රතිපත්තිද වෙනස් වන අස්ථාවර වැඩ පිළිවෙලක්. එසේ හෙයින් මා යෝජනා කරන්නේ ආණ්ඩු මාරු වුණාට වැඩ පිළිවෙල, දර්ශනය හා ප‍්‍රතිපත්ති මාරු නොවන වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි කියා.

අතීතයේදී පක්‍ෂ මාරු කරන විට ජනතාව ඔවුන්ව පිලිකුල් කළා. නමුත් අද පක්‍ෂ මාරු කරන විට ජනතාව ආශිර්වාද කරනවා විතරක් නොවෙයි, මාරු කරන කෙනාට යම් වටිනාකමකුත් ලැබෙනවා. මේ අනුව අද රටේ ප‍්‍රතිපත්තිමය දේශපාලනයට හා අවංක දේශපාලනයට තැනක් නැති වෙලා තිබෙනවා. මා නැවතත් කියන්නේ රටකට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය වෙනසක් මිස පංචස්කන්ද වෙනස් වීමක් නොවෙයි.

පක්‍ෂය ආගම බවට පරිවර්තනය කරගෙන භක්තිවන්තව ඒ තුළ රැුඳී සිටිනවාට වඩා බුද්ධිය වර්ධනය කරගෙන තමන් සිටින තැනට, තමන් සිටින පක්‍ෂයට යම් මතවාදයක් සහිත වැඩපිළිවෙලක් සැකසීම අප කාගෙත් යුතුකමක් හා වගකීමක්.

අද රටේ දේශපාලන සංවාදයක් නැහැ. අතීතයේ දේශපාලන වාද විවාද රට පුරා පැවතුණා. පත්තර වල පිටු ගණන් පළ වුණා. උදාහරණයක් ලෙස ගත්තොත් ට්‍රොස්කි වාදය, රාම රාවණා වාදය, මාවෝ වාදය, නණලළ බේදය, අන`ග වාදය වැනි මාතෘකා සඳහා පිටු ගණන් වාද විවාද ලියවුණා. අද එහෙම මතවාදයක් රටතුළ නිර්මාණය වන්නේ නැහැ.

දේශපේ‍්‍රමීත්වය, දේශමාමකත්ත්වය, මාතෘපේ‍්‍රමීත්වය, ජාතිකවාදය, ජාතිවාදය මෙවැනි වචන වල හරය වෙනස් වන්නේ කෙස් ගහෙන්. ඒ නිසා මාතෘකාවට පමණක් සීමා නොවී ජාතිකවාදී සැමටම එකතු විය හැකි පක්‍ෂයක් ලෙස මවුබිම ජනතා පක්‍ෂය හඳුන්වන්න පු`ථවන්. අද රටට අවශ්‍ය වන්නේ හැමටම එක`ග විය හැකි, හැමටම එකතු විය හැකි පක්‍ෂයක් මිස ජාතිවාදී, ආගම්වාදි පක්‍ෂ නොවෙයි.

උතුරේ ජනගහනයෙන් 33% ක පමණ ප‍්‍රමාණයක් කිරි ගවයින් උතුරු පළාතේ සිටිනවා. නමුත් කිරි ආශ‍්‍රිත කර්මාන්ත උතුරේ ඇත්තේම නැතිතරම්. ඒ නිසා එම කිරි හරකුන් ආශ‍්‍රිත නිෂ්පාදන වැඩ පිලිවෙලක් ඇරඹුව හොත් උතුරු පළාත තවත් සශ‍්‍රීක කරන්න හැකියාව තිබෙනවා” යයි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අවසාන වශයෙන් පැවසීය.

මවුබිම ජනතා පක්‍ෂයේ නායක බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ”අපේ මවුබිම ජනතා පක්‍ෂය ආරම්භ කර වසර 2 1/2 කට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබෙනවා. රටේ ජීවත් වන භික්‍ෂූන් වහන්සේලාට, ගොවියාට, කම්කරුවාට එකතු වෙන්න පු`ථවන් පක්‍ෂයක් ලෙසයිි මේ පක්‍ෂය අපි ගොඩ නගා තිබෙන්නේ.

අපේ පක්‍ෂයට ශ්‍රේෂ්ඨ දේශපාලන දර්ශනයක් තිබෙනවා. අපි පංච පුද්ගල කමිටුවක් මගින් පක්‍ෂයේ අනාගතය පිළිබඳව වාර්තාවක් නිර්මාණය කළා. එම වාර්තාවෙන් අපට පැහැදිලිවම ම`ග පෙන්වීමක් ලබා දී තිබෙනවා අපේ පක්‍ෂය සංධාන ගත විය යුත්තේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමගයි කියලා.

අද අපේ පක්‍ෂයේ සංවත්සර සභාවේ ප‍්‍රධාන දේශනය පවත්වන්නේ ශ‍්‍රී ලංකාවේ පළපුරුදු, ප‍්‍රවීන, පු`ථල් දැක්මක් සහිත ජාතික නායකයෙකු වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතායි. උතුරේ ආණ්ඩුකාරවරයා වශයෙන් සිංහල, දෙමළ. මුස්ලිම් ජාතික සමගියට පු`ථල් නායකත්ත්වයක් ලබා දෙමින් සංහිඳියාව කරා යන ගමනේදී අති විශේෂ වූ කාර්ය භාරයක් ඉටු කරන රෙජිනෝල්ඞ් කුරේ මහතාට උතුරේ ද්‍රවිඩ ජනතාවගේ පැහැදිලි කැමැත්තක් හා ගෞරවයක් නිබඳව හිමි වන බව මෙහිදී මා කිව යුතුයි.”

මෙම සංවත්සරික මහ සභාව අමතා මවුබිම ජනතා පක්‍ෂයේ නායකයින්, නිලධාරීන් කිහිප දෙනෙකු දේශන පවත්වන ලදී.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More